Wednesday, March 9, 2016

ටී.බී. ඉලංගරත්න (T.B.Ilangarathna)

ටී.බී. ඉලංගරත්න (T.B.Ilangarathna)

ජීවන තොරතුරු

ටී.බී.ඉලංගරත්න මහතා 1913 පෙබරවාරි මස 27 වනදින තුම්පනේ හතරලියද්ද ගමිමානයේ උපත ලැබීය. ර‍‍ටට වැඩදායි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකු වු ඵතුමා අග්‍රගන්‍ය සාහිත්‍යධරයෙකු මෙන්ම කීර්තිධර දේශපාලයෙකු ලෙසත් අමරණීය සේවාවක් ඉටු කර ඇත.
 
1971 දී හතරලියද්ද රජයේ පාසැලට ඇතුළු වු මෙතුමා පසුව ගලගෙදර විද්‍යාලයෙන් හා සාන්ත අන්තෝනි යන විද්‍යාල වලින් ද අධ්‍යාපනය හදාරා ඇත. ‍මේ කාලයේදී “අකීකරු පුත්‍රයා“ හෙමින් සහ “අන්ධ නන්ද” යන නාට්‍ය ත්‍රිත්වය ඔහු විසින් නිෂ්පාදනය කරන්නට යෙදුනි. පසුව ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගයෙන්ද ගෞරව සහිතව සමත් වු මෙතුමා තුන්වන ශ්‍රේණි‍යේ ලිපිකරුවෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුනේය. මේ අතර කලා කටයුතු ද අත් නොහල හෙතම 1941 දී ගුණසීල විතානගේ මහතාගේ “සීගිරි කාශ්‍යප” නාට්‍යයේ ධාතුසේන රජුගේ චරිතය රඟපෑවේය.

1944 සැප්තැමිබර් 04 වන දින ටී.බී ඉලංගරත්න මහතා කුමාරි අළුදෙනිය මෙනවිය සමඟ ගමිපල උනමිබුවේදී විවාහ විය. 1947 දී රජයේ සේවයෙන් ඉවත්වන්නට ටී.බී.ට සිදුවිය. ඉන් පසුව ඔහු කළේ එම වසරේම පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයට ස්වාධීන සමාජවාදී අපේක‍්ෂකයකු ලෙස මහනුවර ආසනය වෙනුවෙන් නාම යෝජනා භාර දීමයි. නමුත් එම මැතිවරණයෙන් පරාජයවන්නට ඔහුට සිදුවිය. නමුත් 1948 මැයි මස 18 වන දින මහනුවර ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයේදී මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඒ මහතා තේරී පත්විය.   ඉන් පසු එතුමාගේ වසර ගණනාවක දේශපාලන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ 1986 අප්‍රේල් 12 වන දින කම්කරු, නිවාස හා සමාජ සේවා අමාත්‍යවරයා වශයෙන් පත් වීමයි. ජාත්‍යන්තර දිනය සමරන මැයි පළමුවනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීමටද ඉලංගරත්න මැතිතුමා මුල්විය. පසු කලෙක, එනම් 1974 දී වැඩ බලන රාජ්‍ය නායක ලෙසද පත් විය. එසේම 1983 දී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති පදවියට පත් වීමටද එතුමාට හැකි විය. විශිෂ්ඨ දේශපාලඥයකු ලෙස දේශපාලන කරලියේ බැබලෙන අතරම සාහිත්‍යකරණයේ නියැලීමටද ඉලංගරත්න මහතා අමතක නොකළේය. මේ කාලය අතරතුර ඔහු අතින් පොත් ගණනාවක් රචනා විනි.
ඉලංගරත්න මහතා 1986 වර්ෂයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉල්ලා අස් වී දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගත්තේය. 1992 මැයි 21 වන දින මේ උදාර යුග පුරුෂයාණෝ අභාවප්‍රාප්ත වූහ.

2 comments:

  1. What nice website.but we need more.this not good only little good website.

    ReplyDelete
  2. 1971 දී හතරලියද්ද රජයේ පාසැලට ඇතුළු වු... මේ වර්ෂය නම් වැරදි.. ස්තුතියි විස්තරයට...

    ReplyDelete