මාර්ටින් වික්‍රමසිංහ (Martin Wikramasinghe
ජීවිත තොරතුරුමහැදුරකු නොවී මහැදුරින් දිනූ මහා ප්‍රාඥයා
1890
වෙසක් මස 29 දා ලක්දිව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හබරාදූව
ප්‍රදේශයේ කොග්ගල මලල ගමදී උපත ලැබීය. පියා ළමා හේවගේ දොන් මාර්ටින්
බස්තියන් සිල්වා සහ මව ලියනගේ නොච්චිහාමි මාතාවයි. දස දෙනෙකුගෙන් යුතු
පවුලේ එකම පිරිමි දරුවා වීමේ භාග්‍ය ලැබුවේ වික්‍රමසිංහය. ළඳරු
වික්‍රමසිංහයන් මුලින්ම අකුරු කරනු ලැබුවේ ගමේ අන්දිරිස් ගුරුන්නාස්ගේ ගුරු
ගෙදරිනි.
ඉන්පසුව
ගාල්ලේ බොනවිස්නා විදුහලෙන්ද අහංගම සිංහල පාසලෙන්ද අධ්‍යපනය ලැබීය. පස්වන
ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපනය නිමා කළ ඔහු සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා
පාසල් ගමන නතර කළද පොත්පත් පරිශිලනය කිරීමේ පුරුද්දක් ඔහු ඈත් වූයේ නැත.
කොළඹ
කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළමේ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද,
මඩකලපුවේ කොරනොලිස් සිල්වා වෙළෙඳසැලේ ඉතා අඩු වැටුපකට රැකියාව කළ ඔහු 1920
දී එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ රැකියාවට වැදුණු අතර, 1925 නොවැම්බර් 30
දා කතළුවේ ප්‍රේමාද සිල්වා මෙනෙවිය සමග විවාහ විය. මෙම විවාහයෙන් දරුවන්
හය දෙනෙකුගේ ආදරණීය පියා වීමේ වාසනාව වික්‍රමසිංහට හිමි විය.
කොළඹ
කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළඹ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද,
සුරංගනා, වීරකතා, රහස් පරීක්ෂක කතාන්දර ඔස්සේ ගොඩ නැග තිබූ අපේ ළමා කතා
සාහිත්‍ය නව මගකට යොමුකළ, මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්දූව, අපේ ගම
කෘතින්ගෙන් තොරව දේශීය ගුණ සුවඳින් පිරුණු ගෙනහැඑ පෑම ඉතා උගහටය. ඊට හේතුව
මාදං, බෝවිටියා, කිරල ළඳු කැලෑ අතර තම බාලවියේ කරක් ගැසූ වික්‍රමසිංහ
ස්වීයඅත්දැකීම් මහා පරිකල්පනයකින් යුතුව ළමා සිත් පමණක් නොව වැඩ හිටි සිත්ද
ඇද බැඳ ගන්නා අයුරින් ප්‍රතිනිර්මාණය කළ නිසාවෙනි. විසිවන සියවසේ කලාත්මක
ළමා සාහිත්‍ය නිර්මාණයන් කිරීමේ පුරෝගාමිකයන් අතර වික්‍රමසිංහ
ප්රමුඛස්ථානයක් ගනී.
වික්‍රමසිංහයන් අතින් ජීවිතාන්තය දක්වා ලියැවුණු කෙටි කතා ගණන 108 කි. කෙටි කතා සංග්‍රහ වශයෙන් 13ක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. ගැහැනියක්(1924),
චරිතා දර්ශකතා(1927),බිල්ල සහ අපූරු මුහුණ(1944), හද සාක්කි කීම(1946) ,
මගේ කථාව(1947), පව්කාරයාට ගල් ගැසීම(1936), වහල්ලු(1951) ඒවායින් සමහරෙකි.
එතුමා 1976 ජූලි 23 දා ජාතියෙන් සදහටම සමුගත් වගයි.
කෘති ලැයිස්තුව
සිනමා කෘතින්
- කලියුගය
- මඩොල්දුව
- විරාගය
- ගමපෙරළිය
- යුගාන්තය
නවකතා
- ලීලා - 1914
- සෝමා - 1920
- අයිරාංගනී - 1923
- සීතා - 1923
- මිරිඟු දිය - 1925
- උන්මාද චිත්‍රා - 1929
- රෝහිණී - 1929
- ගම්පෙරළිය - 1944
- මඩොල් දූව - 1947
- යුගාන්තය - 1949
- විරාගය - 1956
- කලියුගය - 1957
- කරුවල ගෙදර - 1963
- බවතරණය - 1973
කෙටිකතා
- ගැහැනියක්(1924)
- බිල්ල සහ අපූරු මුහුණ(1944)
- මගේ කථාව(1947)
- මගුල් ගෙදර
- හද සාක්කි කීම(1946)
- වහල්ලු(1951)
- පව්කාරයාට ගල් ගැසීම(1936)
- අපේ විත්ති
- කතා අහුර
ජීවිතය ඇසුරින්....
- කළුනික සෙවීම
- අපේගම
- උපන් දා සිට
දෘෂ්‍ය කාව්‍ය....
- විජිතා
- මයුරි
- චිත්‍රා
විචාරාත්මක නිබන්ධ .....
- විචාර ලිපි
- ගුත්තිල ගීතය
- සාහිත්‍ය කලාව
- සිංහල විචාර මග
- බණ කතා සාහිත්‍යය
- කාව්‍ය විචාරය
- නව පද්‍ය සිංහලය
- සාහිත්‍යෝදය කතා
- ඇත්ත යුත්ත
- සම්ප්රදාය හා විචාරය
- ජාතක කතා විමසුම
- රස වාදය හා බෞද්ධ කාව්‍යය
- සිංහල සකස්කඩ
ළමා පොත්
ඥානෝදය කථා
විද්‍යා විනෝද කථා
0 comments:
Post a Comment