Wednesday, March 9, 2016

කුමාරතුංග මුනිදාස(Kumaratunga Munidasa)

කුමාරතුංග මුනිදාස(Kumaratunga Munidasa)

ජීවන තොරතුරු
කුමාරතුංග මුනිදාස වර්ෂ 1887 ජුලි මස විසිපස්වන දින(25) උපත ලැබීය. එය සිදුවී ඇත්තේ දික්වැල්ලේ, හිදගස් ආරේ කුමාරතුංග මුනිදාසයන්ගේ නිවසේදීයි. ඔහුගේ පියා සුප්‍රක්‍රට ආයුර්වේද වෛද්‍යවරයෙක් වූ දොන් අබියෙස් කුමාරතුංග හා මව වූයේ පලච්න්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මහත්මියයි. මේ දෙපළට දාව දරුවන් දහතුන් දෙනකු සිටි අතර දොළොස්වැන්නා ලෙස උපත ලැබුවේ මේ සියවස තුළ අප රට තුළ පහළ වූ උදාරතර පුද්ගලයකු වූ කුමාරතුංග මුනිදාස කුමරුයි.
කුමාරතුංග මුනිදාසගේ මුල්ම පාසල දික්වැල්ලේ බෞද්ධ පාඨශාලවයි. දෙවැනිව ඔහු බලපිටියේ උසස් විද්‍යාලයේ සවැනි වසරට ඇතුළු විය. (6 ශ්‍රේණිය) නැවතත් ඔහු මාතර ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී ඉංග්‍රීසි හත්වැනි ප්‍රමාණය දක්වා ඉගෙනුම ලැබීය. (7 ශ්‍රේණිය) කිසියම් අවාසනාවක් නිසා මුනිදාසයන්ගේ පාසල් ගමන නතර විය. ස්වයං අධ්‍යාපනය සඳහා උපන් දරුවකු වූ ඔහුට ගුරුවරයකු අවශ්‍ය නොවුයේ සිය පියා විසින් රැස්කොට තිබූ පොත්පත් සඟරා කියවා දැනුම වැඩිදියුණු කොටගත් නිසාය. තම ජීවන තොරතුරු හෙළිකෙරෙන එතුමාගේ “‍පියසමර“ කාව්‍යයේ ඒ තතු මෙසේ සටහන් වී තිබෙනවාග
මුලැ පටන් ඔබ ගත් හැම පත් රටේ
පිළිවෙළින් බැඳැ එක් කොටැ පොත් ලෙසින්
එකල පේයැ කියු ගෙයි වූ නමුත්
එහි අළුත් කොයි දැයි නැත දැන් දැනුම්
ඒ සැම පත් බැලුයෙම් මම නම් ලදී
ගෙදර ගොස් වැදැ උන් සමසේ නිකම්
සපල ව් මැ යැ ඉන් ඔබ ගත් ඒ තැන් සොඳුරුයි පලක
භාෂා දැනුම දියුණු කරගන්නට සිතූ ඔහු සතු බස(සංස්කෘත භාෂාව) එවකට වැවුරුකන්නල පන්සලේ වැඩ විසූ ගරු කහවේ ආනන්ද හිමියන් යටතේ හදාරා තම ආශාව ඉෂ්ට කරගනු ලැබුවා වර්ෂ 1904 දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධ ද්විභාෂා පාසලේ ශිෂ්‍ය ගුරු තනතුරකට පත්වුණා. මුනිදාස කුමාරතුංගයන් අභ්‍යාස විද්‍යාලයේදී විභාග හයකට මුහුණ දී වැඩිම ලකුණු ගෙන ප්‍රථම ස්ථානය ලබාගත්තා. 1909 නොවැම්බර් මාසයේ සිට කඩුගන්නාවේ ද්විභාෂා විද්‍යාලයේ මුල්ගුරු තනතුරට මෙතුමාව පත් කරනු ලැබුවා. එම කාලයේදීම මුනිදාසයන් ප්‍රවීණ පණ්ඩිත විභාගයේ, ප්‍රාරම්භ විභාගයට පෙනී සිට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ලෙස තෑගිද ලබා ගනිමින් සමත් වුණා. ඔහුට වයස අවුරුදු 30දී එනම් 1917 දී ඔහුව පාඨශාලා පරීක්‍ෂක තනතුරට පත් කෙරුණා. නමුත් 1922 දී ඉන් ඉවත් වුණා. ඉන්පසු පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත්ව පැවති නිට්ටඹුව ගුරු විදුහලේ අධිපති ධූරයට පත්වුණා. මෙතුමා බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලටයේ අධිපති බවටද පත්විය. බලපිටිය අභ්‍යාස විද්‍යාලයේ ඉවත් වූ මෙතුමා “සිංහල සමාජය“ නම් සංවිධානයක් බිහිකර ගත්තා, එය පසුව “සිංහලාලය“ නමින් වෙනස්විය. ඉන්පසුව “හෙළ හවුල“ පිහිටුවා ගත්තේය.    

නිර්මාණ
මා දෙස හෙළ දෙස
මා රැස හෙළ රැස
මා බස හෙළ බස
වේ මගෙ මතැ හිස
-හෙළ තෙරුවන-

වියදමින් ඔබගේ සපයා බෙහෙත්
ලෙඩ දුකින් පෙළුණන් හට දී නිකම්
දිළිඳු වූ කරුණින් වෙද සත් පුතුන්
හට නුදුන් බව මුත් අද වෙයි වෙනස්
(පිය සමර 55 පැදිය)
සුදුසු මෙහෙයෙකැ
යෙදෙව තැන දැකැ
එ ලෙස එඩි රැකැ
ගනුත මිනිසෙකැ

සිත නිදහස් බවට නොපමුණුවා පළමු කොට
නිදහසට සිය රට
ළමුයි යෙති දදහු ඇතියෙන් කට
(විරිත් වැකිය)
පෙර ‍හෙළයෝ රණ ගොසින්
ඉපි ලැ නටති මහ ගොසින්
අද සී හෙළයෝ ඇසින්
තෙමෙති යුදෙක යන බසින්
රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙපා
හෙළයකු දැකුමත් එපා
(හෙළ මියැසිය)
“සිරිමත් මගේ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි“

0 comments:

Post a Comment