Wednesday, March 9, 2016

ටී.බී. ඉලංගරත්න (T.B.Ilangarathna)

ටී.බී. ඉලංගරත්න (T.B.Ilangarathna)

ජීවන තොරතුරු

ටී.බී.ඉලංගරත්න මහතා 1913 පෙබරවාරි මස 27 වනදින තුම්පනේ හතරලියද්ද ගමිමානයේ උපත ලැබීය. ර‍‍ටට වැඩදායි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙකු වු ඵතුමා අග්‍රගන්‍ය සාහිත්‍යධරයෙකු මෙන්ම කීර්තිධර දේශපාලයෙකු ලෙසත් අමරණීය සේවාවක් ඉටු කර ඇත.
 
1971 දී හතරලියද්ද රජයේ පාසැලට ඇතුළු වු මෙතුමා පසුව ගලගෙදර විද්‍යාලයෙන් හා සාන්ත අන්තෝනි යන විද්‍යාල වලින් ද අධ්‍යාපනය හදාරා ඇත. ‍මේ කාලයේදී “අකීකරු පුත්‍රයා“ හෙමින් සහ “අන්ධ නන්ද” යන නාට්‍ය ත්‍රිත්වය ඔහු විසින් නිෂ්පාදනය කරන්නට යෙදුනි. පසුව ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගයෙන්ද ගෞරව සහිතව සමත් වු මෙතුමා තුන්වන ශ්‍රේණි‍යේ ලිපිකරුවෙකු ලෙස රාජ්‍ය සේවයට බැඳුනේය. මේ අතර කලා කටයුතු ද අත් නොහල හෙතම 1941 දී ගුණසීල විතානගේ මහතාගේ “සීගිරි කාශ්‍යප” නාට්‍යයේ ධාතුසේන රජුගේ චරිතය රඟපෑවේය.

1944 සැප්තැමිබර් 04 වන දින ටී.බී ඉලංගරත්න මහතා කුමාරි අළුදෙනිය මෙනවිය සමඟ ගමිපල උනමිබුවේදී විවාහ විය. 1947 දී රජයේ සේවයෙන් ඉවත්වන්නට ටී.බී.ට සිදුවිය. ඉන් පසුව ඔහු කළේ එම වසරේම පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණයට ස්වාධීන සමාජවාදී අපේක‍්ෂකයකු ලෙස මහනුවර ආසනය වෙනුවෙන් නාම යෝජනා භාර දීමයි. නමුත් එම මැතිවරණයෙන් පරාජයවන්නට ඔහුට සිදුවිය. නමුත් 1948 මැයි මස 18 වන දින මහනුවර ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයේදී මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඒ මහතා තේරී පත්විය.   ඉන් පසු එතුමාගේ වසර ගණනාවක දේශපාලන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන්නේ 1986 අප්‍රේල් 12 වන දින කම්කරු, නිවාස හා සමාජ සේවා අමාත්‍යවරයා වශයෙන් පත් වීමයි. ජාත්‍යන්තර දිනය සමරන මැයි පළමුවනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මෙන්ම සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීමටද ඉලංගරත්න මැතිතුමා මුල්විය. පසු කලෙක, එනම් 1974 දී වැඩ බලන රාජ්‍ය නායක ලෙසද පත් විය. එසේම 1983 දී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති පදවියට පත් වීමටද එතුමාට හැකි විය. විශිෂ්ඨ දේශපාලඥයකු ලෙස දේශපාලන කරලියේ බැබලෙන අතරම සාහිත්‍යකරණයේ නියැලීමටද ඉලංගරත්න මහතා අමතක නොකළේය. මේ කාලය අතරතුර ඔහු අතින් පොත් ගණනාවක් රචනා විනි.
ඉලංගරත්න මහතා 1986 වර්ෂයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ඉල්ලා අස් වී දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගත්තේය. 1992 මැයි 21 වන දින මේ උදාර යුග පුරුෂයාණෝ අභාවප්‍රාප්ත වූහ.

ගුණදාස අමරසේකර (Gunadasa Amarasekara)

ගුණදාස අමරසේකර (Gunadasa Amarasekara)

ජීවන තොරතුරු
ගුණදාස අමරසේකර මහතා උපත ලැබුවේ 1929 නොවැම්බර් මස 12 වැනි දින ගාල්ලේ යටලමත්ත නම් ග්‍රාමයේය. ඔහුගේ පියා දක්ෂ ආයුර් වේද වෛද්‍යවරයෙකු වූ අතර සිංහල, පාලි  සහ සංස්කෘත යන භාෂා පිළිබඳව හසල දැනුමක් ඇත්තෙකි. මව යටලමත්ත ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනියයි. ගුණදාස අමරසේකර මහතාට සහෝදරයන් දෙදෙනකු වන අතර ඔහු පවුලේ මද්දුමයාය.
අමරසේකර මහතා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ සිය මෑණියන් විදුහල්පතිනිය ලෙස කටයුතු කළ යටලමත්ත ප්‍රාථමික විදුහලෙනි. ප්‍රාථමික අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙනි. අනතුරුව ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. එහිදී ඔහු ලැබුවේ ඉංශ්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයකි.
පාසල් අධ්‍යාපනය හමාර කරමින් පේරාදෙණිය සරසවියේ වෛද්‍ය අංශයට සුදුසුකම් ලැබු ගුණදාස අමරසේකර මහතා 1957 වසරේ දන්ත වෛද්‍යවරයකු වශයෙන් සරසවියෙන් පිටවිය.
මේ සියළු අධ්‍යාපන කටයුතු අතර වුවද සිංහල භාෂාව සහ එහි භාවිතය පිළිබඳව විශාල නැඹුරුවක් අමරසේකර මහතා පළ විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, කහවේ රතනසාර හිමි සහ බැද්දේගම පියරතන හිමි ආදී ප්‍රාවීන පඩිරුවන් අමරසේකර මහතාගේ පිය පාර්ශවයේ ඥාතිවරුන් වීම එම භාෂා  ඥාණය වැඩි දියුණු කරගැනීමෙහි ලා ඒ මහතාට මහගු රුකුලක් විය. ඔවුන් ඇසුරින් වැඩි දියුණු කරගත් බස නිසි ලෙස හසුරුවමින් හෙතෙම කෙටි කතා, නව කතා, කාව්‍ය, සාහිත්‍ය විචාර සහ වෙනත් විවිධ අංශයන්ට අදාළ කෘති ගණනාවක් රචනා කළේය.
නිර්මාණ
ගුණදාස අමරසේකර මහතා විසින් රචිත කෙටි කතා
  • ජීවන සුවඳ
  • රතු රෝස මල
  • කතා පහක්
  • එක්ටැමින් පොළොවට
ඒ මහතා විසින් රචිත නව කතා
  • කරුමක්කාරයෝ
  • යළි උපන්නෙමි
ඒ මහතාගේ වෙනත් කෘති
  • ගන්ධබ්බ ආපදානය
  • දෙපා නොලද්දෝ
  • අසත්‍ය කතාවක්
  • ප්‍රේමයේ සත්‍ය කතාව
  • ආවර්ජනා
  • භාව ගීත
  • අමල්බිසෝ
  • ගුරුළු වත
වර්තමානයේ ඔහු කොළඹ මහ රෝහලේ දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරයි

මාර්ටින් වික්‍රමසිංහ (Martin Wikramasinghe

මාර්ටින් වික්‍රමසිංහ (Martin Wikramasinghe

ජීවිත තොරතුරු
මහැදුරකු නොවී මහැදුරින් දිනූ මහා ප්‍රාඥයා
1890 වෙසක් මස 29 දා ලක්දිව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් හබරාදූව ප්‍රදේශයේ කොග්ගල මලල ගමදී උපත ලැබීය. පියා ළමා හේවගේ දොන් මාර්ටින් බස්තියන් සිල්වා සහ මව ලියනගේ නොච්චිහාමි මාතාවයි. දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා වීමේ භාග්‍ය ලැබුවේ වික්‍රමසිංහය. ළඳරු වික්‍රමසිංහයන් මුලින්ම අකුරු කරනු ලැබුවේ ගමේ අන්දිරිස් ගුරුන්නාස්ගේ ගුරු ගෙදරිනි.
ඉන්පසුව ගාල්ලේ බොනවිස්නා විදුහලෙන්ද අහංගම සිංහල පාසලෙන්ද අධ්‍යපනය ලැබීය. පස්වන ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපනය නිමා කළ ඔහු සිය පවුලේ ආර්ථික අපහසුතා නිසා පාසල් ගමන නතර කළද පොත්පත් පරිශිලනය කිරීමේ පුරුද්දක් ඔහු ඈත් වූයේ නැත.
කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළමේ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද, මඩකලපුවේ කොරනොලිස් සිල්වා වෙළෙඳසැලේ ඉතා අඩු වැටුපකට රැකියාව කළ ඔහු 1920 දී එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රැකියාවට වැදුණු අතර, 1925 නොවැම්බර් 30 දා කතළුවේ ප්‍රේමාද සිල්වා මෙනෙවිය සමග විවාහ විය. මෙම විවාහයෙන් දරුවන් හය දෙනෙකුගේ ආදරණීය පියා වීමේ වාසනාව වික්‍රමසිංහට හිමි විය.
කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ හා කොළඹ ජෝන්ද සිල්වා සමාගමේ ලියන්නෙකු ලෙසද, සුරංගනා, වීරකතා, රහස් පරීක්‍ෂක කතාන්දර ඔස්සේ ගොඩ නැග තිබූ අපේ ළමා කතා සාහිත්‍ය නව මගකට යොමුකළ, මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්දූව, අපේ ගම කෘතින්ගෙන් තොරව දේශීය ගුණ සුවඳින් පිරුණු ගෙනහැඑ පෑම ඉතා උගහටය. ඊට හේතුව මාදං, බෝවිටියා, කිරල ළඳු කැලෑ අතර තම බාලවියේ කරක් ගැසූ වික්‍රමසිංහ ස්වීයඅත්දැකීම් මහා පරිකල්පනයකින් යුතුව ළමා සිත් පමණක් නොව වැඩ හිටි සිත්ද ඇද බැඳ ගන්නා අයුරින් ප්‍රතිනිර්මාණය කළ නිසාවෙනි. විසිවන සියවසේ කලාත්මක ළමා සාහිත්‍ය නිර්මාණයන් කිරීමේ පුරෝගාමිකයන් අතර වික්‍රමසිංහ ප්‍රමුඛස්ථානයක් ගනී.
වික්‍රමසිංහයන් අතින් ජීවිතාන්තය දක්වා ලියැවුණු කෙටි කතා ගණන 108 කි. කෙටි කතා සංග්‍රහ වශයෙන් 13ක් මුද්‍රණයෙන් එළිදක්වා ඇත. ගැහැනියක්(1924), චරිතා දර්ශකතා(1927),බිල්ල සහ අපූරු මුහුණ(1944), හද සාක්කි කීම(1946) , මගේ කථාව(1947), පව්කාරයාට ගල් ගැසීම(1936), වහල්ලු(1951) ඒවායින් සමහරෙකි. එතුමා 1976 ජූලි 23 දා ජාතියෙන් සදහටම සමුගත් වගයි. 


කෘති ලැයිස්තුව
සිනමා කෘතින්
  • කලියුගය
  • මඩොල්දුව
  • විරාගය
  • ගමපෙරළිය
  • යුගාන්තය
නවකතා
  • ලීලා - 1914
  • සෝමා - 1920
  • අයිරාංගනී - 1923
  • සීතා - 1923
  • මිරිඟු දිය - 1925
  • උන්මාද චිත්‍රා - 1929
  • රෝහිණී - 1929
  • ගම්පෙරළිය - 1944
  • මඩොල් දූව - 1947
  • යුගාන්තය - 1949
  • විරාගය - 1956
  • කලියුගය - 1957
  • කරුවල ගෙදර - 1963
  • බවතරණය - 1973
කෙටිකතා
  • ගැහැනියක්(1924)
  • බිල්ල සහ අපූරු මුහුණ(1944)
  • මගේ කථාව(1947)
  • මගුල් ගෙදර
  • හද සාක්කි කීම(1946)
  • වහල්ලු(1951)
  • පව්කාරයාට ගල් ගැසීම(1936)
  • අපේ විත්ති
  • කතා අහුර
ජීවිතය ඇසුරින්....
  • කළුනික සෙවීම
  • අපේගම
  • උපන් දා සිට
දෘෂ්‍ය කාව්‍ය....
  • විජිතා
  • මයුරි
  • චිත්‍රා
විචාරාත්මක නිබන්ධ .....
  • විචාර ලිපි
  • ගුත්තිල ගීතය
  • සාහිත්‍ය කලාව
  • සිංහල විචාර මග
  • බණ කතා සාහිත්‍යය
  • කාව්‍ය විචාරය
  • නව පද්‍ය සිංහලය
  • සාහිත්‍යෝදය කතා
  • ඇත්ත යුත්ත
  • සම්ප්‍රදාය හා විචාරය
  • ජාතක කතා විමසුම
  • රස වාදය හා බෞද්ධ කාව්‍යය
  • සිංහල සකස්කඩ
ළමා පොත්
ඥානෝදය කථා
විද්‍යා විනෝද කථා

මහගම සේකර (Mahagama Sekara)

මහගම සේකර (Mahagama Sekara)

ජීවන තොරතුරු
කොළඹ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ රදාවානේ මහවත්තේදී 1929 අප්‍රේල් 07 වන දින උපත ලැබීය. මහගමගේ ජෝන් අප්පුහාමි පියා විය. රණවක ආරච්චිගේ රොසලින් නෝනා මව විය. පවුලේ එකම දරුවා සේකර විය. මූලික අධ්‍යාපනය ලැබුවේ රදාවාන රජයේ පිරිමි විදුහලෙනි. පාසල් අවධියේ නම වූයේ මහගමසේකර යනුවෙනි. පාසල් අවධියේදී ගායනයට හා වාදනයට එකසේ ඇළුම් කළේය.
කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා ඉල්ලුම් කිරීමේදී උප්පැන්න සහතිකයේ නම වෙනස් වී මහගමගේ සේකර යනුවෙන් සඳහන් වී ඇත. 1943 වසරේදී කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වූ සේකර උසස් අධ්‍ය පනය සඳහා කිරිඳිවැල සිංහල පිරිමි විදුහලට ඇතුල් විය. එම විදුහලෙන් සේකර ජ්‍යේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයෙන් උසස් ලෙස සමත් විය. මෙම කාලයේදී ඔහු කොළඹ ටෙක්නිකල් විදුහලේ චිත්‍රකර්ම ශිල්පය දියුණු කර ගත්තේය. 1949 දී පැවති චිත්‍ර කර්ම ගුරු විභාගයෙන් උසස් ලෙස සමත් විය. 1950 ජනවාරි 30 වනදා නිට්ටඹුව ගුරු විදුහලට ඇතුළු විය.
1952 දී රාජගිරිය හේවාවිතාරණ බෞද්ධ මිශ්‍ර පාසලට ගුරුවරයෙකු වශයෙන් පත්වීමක් ලැබීය. සය වසරක් ගුරුවරයෙකු වශයෙන් සිටි සේකර තරඟ පරීක්‍ෂණයකින් තේරී රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස පත්වීමක් ලැබීය. 1960 දී එයින් අස් වූ සේකර ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් සේවයට එක්විය. 1963දී උපාධිධාරි ගුරුවරියක් වූ කුසුම්ලතා සුරවීර මෙනවිය සමග විවාහ විය. 1968 දී ගුවන් විදුලියෙන් අස් වූ සේකර මීරිගම ගුරු අභ්‍යස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීය. 1969 දී විද්‍යෝද්‍යය විශ්ව විද්‍යාලයෙන් සිංහල උපාධිය ලබා ගත්තේය. 1971 දී ලලිත කලායතනයේදී විදුහල්පති වශයෙන් පත්විය. 1974 දී විද්‍යෝද්‍යය මණ්ඩපයෙන් පී.එච්.ඩී. උපාධිය ලබා ගත්තේය. 1974 දී ජනවාරි 14 වනදා හදිසි හෘදයා බාධයකින් සේකර ගියේය.
නිර්මාණ
1961 දී වෝරා පබ්බත, කුණ්ඩළකේසි, ස්වරණතිලකා, සද්දන්ත ආදි නාට්‍ය එකතුවක් පලකෙරින.
1962 දී මූදුපුත්තු නාට්‍යය බිහි කළේය.

කේ.ජයතිලක (K.Jayathilake)

කේ.ජයතිලක (K.Jayathilake)

ජීවන තොරතුරු
ගම්පහ සිය නෑ කෝරළයේ ගඟ බඩ පත්තුවේ රදවාන පේරුවට අයත් කන්තිමහරයේ දී 1926 ජූනි 27 වන ඉරිදා, පියා වන කළු අච්චිගේ අරනෝලිස් අප්පුහාමිට සහ මව වන මද්දුමගේ පොඩි නෝනාට දාව උපත ලැබු ජයතිලක, සහෝදරයන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැනියාය.
රඳවානේ ආණ්ඩුවේ පිරිමි පාසලෙන් (දැන් මහගම සේකර මහා විදුහල) අධ්‍යාපනය ලැබූ, මොහුගේ සමකාලීනයා මහගම සේක වේ. නොමිලේ බෙදාහරින රත්නාකර පොත් මිල දර්ශනය මොහුට ලැබුණ මුල්ම තෑග්ග වශයෙන් සදහන් වේ. පාසල් යන අවධියේ “විජය නාට්‍යෙය් “ තාපසකයකු ලෙස රඟපෑ මොහු, “විදු විදුහ“ නමින් සංගමයක් බිහිකළේය.
තේ සහ ඔයිල්මන් බඩු කඩයක මුදල් අයකැමි තනතුර ජයතිලකගේ මුල්ම රැකියාව වියත ඉන්පසු තැපැල් මාර්ගික විදුහලක වැඩ කර ඇත.
පසුව  ඔහු ලන්ඩන් විශ්ව විදුහල ඇතුල් වී ඉතිහාසය,  නීති විදුහලට ඇතුලත් වී අවුරුද්ද   අධි නීතීඥ පාඨමාලාවක්ද හැදෑරීය. මෙතුමා 1954 විවාහ විය.
මෙතුමා ආචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා සමඟ “ජනරංගන සභාව“ ටද එක්වී ඇත 


නිර්මාණ
නවකතා
පුංචි රාළ, පුංචි රාළගේ මරණය, කාලෝ අයන්ති, චරිත තුනක්, දෙලොවට නැති අය, පරාජිතයෝ, අප්‍රසන්න කතාවක්, මතු සම්බන්ධයි, රාජපක්‍ෂ වළව්ව, අධිෂ්ඨානය, පිතාමහ, අර්ධ නවකතාවක්, පියා සහ පුත්තු, මහල්ලෙකුගේ ප්‍රේම කතාවක්, මායා මාළිඟා
කෙටි කතා
එක ගෙයි අවුරුද්ද, අතිරණය, පුනරුත්පත්තිය, වජිර පබ්බත, කටු සහ මල්, නොනිමි සිත්තම, දියණිය ආපසු යයි
පද්‍ය කෘති
වියෝදසත
සාහිත්‍ය විචාර
සිංහල කතා කලාවේ විකාශනය, නවකතාව හා සමාජය, සාහිත්‍ය  විචාර සටහන, ජාතික සාහිත්‍යය හා වෙස්සන්තර, සමාජ ප්‍රගතිය හා සාහිත්‍යය, සාහිත්‍ය නිර්මාණයේ මුල් පොත, දෛවයෝග විචාරය, නූතන සිංහල නවකතාවට සංස්කෘතිය පසුබිම
 ළමා පොත්
ඉස්සරහා බලන්නෝ, ඩිංගිරි, ඉරුණු බළලා, මිහිබට සුරපුර, රුවන් කුමාරි, ඩං ඩං ඩඩං ඩං   

කුමාරතුංග මුනිදාස(Kumaratunga Munidasa)

කුමාරතුංග මුනිදාස(Kumaratunga Munidasa)

ජීවන තොරතුරු
කුමාරතුංග මුනිදාස වර්ෂ 1887 ජුලි මස විසිපස්වන දින(25) උපත ලැබීය. එය සිදුවී ඇත්තේ දික්වැල්ලේ, හිදගස් ආරේ කුමාරතුංග මුනිදාසයන්ගේ නිවසේදීයි. ඔහුගේ පියා සුප්‍රක්‍රට ආයුර්වේද වෛද්‍යවරයෙක් වූ දොන් අබියෙස් කුමාරතුංග හා මව වූයේ පලච්න්නගේ දෝන ගිමාරා මුතුකුමාරණ මහත්මියයි. මේ දෙපළට දාව දරුවන් දහතුන් දෙනකු සිටි අතර දොළොස්වැන්නා ලෙස උපත ලැබුවේ මේ සියවස තුළ අප රට තුළ පහළ වූ උදාරතර පුද්ගලයකු වූ කුමාරතුංග මුනිදාස කුමරුයි.
කුමාරතුංග මුනිදාසගේ මුල්ම පාසල දික්වැල්ලේ බෞද්ධ පාඨශාලවයි. දෙවැනිව ඔහු බලපිටියේ උසස් විද්‍යාලයේ සවැනි වසරට ඇතුළු විය. (6 ශ්‍රේණිය) නැවතත් ඔහු මාතර ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වී ඉංග්‍රීසි හත්වැනි ප්‍රමාණය දක්වා ඉගෙනුම ලැබීය. (7 ශ්‍රේණිය) කිසියම් අවාසනාවක් නිසා මුනිදාසයන්ගේ පාසල් ගමන නතර විය. ස්වයං අධ්‍යාපනය සඳහා උපන් දරුවකු වූ ඔහුට ගුරුවරයකු අවශ්‍ය නොවුයේ සිය පියා විසින් රැස්කොට තිබූ පොත්පත් සඟරා කියවා දැනුම වැඩිදියුණු කොටගත් නිසාය. තම ජීවන තොරතුරු හෙළිකෙරෙන එතුමාගේ “‍පියසමර“ කාව්‍යයේ ඒ තතු මෙසේ සටහන් වී තිබෙනවාග
මුලැ පටන් ඔබ ගත් හැම පත් රටේ
පිළිවෙළින් බැඳැ එක් කොටැ පොත් ලෙසින්
එකල පේයැ කියු ගෙයි වූ නමුත්
එහි අළුත් කොයි දැයි නැත දැන් දැනුම්
ඒ සැම පත් බැලුයෙම් මම නම් ලදී
ගෙදර ගොස් වැදැ උන් සමසේ නිකම්
සපල ව් මැ යැ ඉන් ඔබ ගත් ඒ තැන් සොඳුරුයි පලක
භාෂා දැනුම දියුණු කරගන්නට සිතූ ඔහු සතු බස(සංස්කෘත භාෂාව) එවකට වැවුරුකන්නල පන්සලේ වැඩ විසූ ගරු කහවේ ආනන්ද හිමියන් යටතේ හදාරා තම ආශාව ඉෂ්ට කරගනු ලැබුවා වර්ෂ 1904 දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට අනුබද්ධ ද්විභාෂා පාසලේ ශිෂ්‍ය ගුරු තනතුරකට පත්වුණා. මුනිදාස කුමාරතුංගයන් අභ්‍යාස විද්‍යාලයේදී විභාග හයකට මුහුණ දී වැඩිම ලකුණු ගෙන ප්‍රථම ස්ථානය ලබාගත්තා. 1909 නොවැම්බර් මාසයේ සිට කඩුගන්නාවේ ද්විභාෂා විද්‍යාලයේ මුල්ගුරු තනතුරට මෙතුමාව පත් කරනු ලැබුවා. එම කාලයේදීම මුනිදාසයන් ප්‍රවීණ පණ්ඩිත විභාගයේ, ප්‍රාරම්භ විභාගයට පෙනී සිට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ලෙස තෑගිද ලබා ගනිමින් සමත් වුණා. ඔහුට වයස අවුරුදු 30දී එනම් 1917 දී ඔහුව පාඨශාලා පරීක්‍ෂක තනතුරට පත් කෙරුණා. නමුත් 1922 දී ඉන් ඉවත් වුණා. ඉන්පසු පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත්ව පැවති නිට්ටඹුව ගුරු විදුහලේ අධිපති ධූරයට පත්වුණා. මෙතුමා බලපිටිය ගුරු අභ්‍යාස විද්‍යාලටයේ අධිපති බවටද පත්විය. බලපිටිය අභ්‍යාස විද්‍යාලයේ ඉවත් වූ මෙතුමා “සිංහල සමාජය“ නම් සංවිධානයක් බිහිකර ගත්තා, එය පසුව “සිංහලාලය“ නමින් වෙනස්විය. ඉන්පසුව “හෙළ හවුල“ පිහිටුවා ගත්තේය.    

නිර්මාණ
මා දෙස හෙළ දෙස
මා රැස හෙළ රැස
මා බස හෙළ බස
වේ මගෙ මතැ හිස
-හෙළ තෙරුවන-

වියදමින් ඔබගේ සපයා බෙහෙත්
ලෙඩ දුකින් පෙළුණන් හට දී නිකම්
දිළිඳු වූ කරුණින් වෙද සත් පුතුන්
හට නුදුන් බව මුත් අද වෙයි වෙනස්
(පිය සමර 55 පැදිය)
සුදුසු මෙහෙයෙකැ
යෙදෙව තැන දැකැ
එ ලෙස එඩි රැකැ
ගනුත මිනිසෙකැ

සිත නිදහස් බවට නොපමුණුවා පළමු කොට
නිදහසට සිය රට
ළමුයි යෙති දදහු ඇතියෙන් කට
(විරිත් වැකිය)
පෙර ‍හෙළයෝ රණ ගොසින්
ඉපි ලැ නටති මහ ගොසින්
අද සී හෙළයෝ ඇසින්
තෙමෙති යුදෙක යන බසින්
රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙපා
හෙළයකු දැකුමත් එපා
(හෙළ මියැසිය)
“සිරිමත් මගේ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි“

මඩවල එස් රත්නායක (Madawala S Rathnayake)

මඩවල එස් රත්නායක (Madawala S Rathnayake)

ජීවන තොරතුරු
සිරිසේන රත්නායක උපන්නේ 1929 පෙබරවාරි 5 වන දින මඩවල දඹදෙණි උඩුකහ දකුණු රෝහලේ දීය. ඔහු  නවකතා, කෙටිකතා හා ගී පැදි රචකයෙක් හා ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයෙක්ද විය.
එතුමා 1947 දී කෑගලු විද්‍යාලීය සාහිත්‍ය සංගමයේ සීගිරි සඟරාවේ සංස්කාරකවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, 1950 දී දිනමිණ කර්තෘ මණඩලයට සම්බන්ධ විය. 1952 දී ලංකාදීප කර්තෘ මණ්ඩලයට බැඳිණි. 1954 දී ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ සම්පාදකවරයෙක් ලෙස සේවය කළේය. එකල ගුවන් විදුලියේ ජන ගී පර්යේෂණ වැඩසටහන් ආරම්භ කළේ ඔහු විසිනි. මේවා වැඩි හරියක් ඉදිරිපත් කළේ විශාරද අමරදේව මහතා සමඟය. 1982 දී රූපවාහිනි සංස්ථාවේ විචිත්‍රාංග අංශයේ ප්‍රධානියා වූ ඔහු, 1985 දී විශ්‍රාම ගියේය. තවද 1985 – 1987 කාලයේ චීනයේ බෙයිජිං ගුවන් විදුලියේ සිංහල අංශයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය. සෝමලතා රත්නායක මහත්මිය සමඟ විවාහ වූ මෙතුමාට තුෂාර, සුලෝචනා, පුරන්තක, නිපුනිකා යනුවෙන් දරුවන් හතර දෙනෙකි.
නිර්මාණ
නවකතා
  • අක්කර පහ(මුල්ම නවකතාව)
  • පානෙන් අඳුරට
  • අම්බලම් පාලුවෝ
  • දවස් මෙසේ ගෙවී ගියා
  • අක්කයි මායි
  • සිත නැති බඹ ලොව
  • සඳපාන කන්ද කපා
  • අලුත ගෙනා මනමාලී
  • නිල් මල් විල
කෙටි කතා
  • බුදු හිනාව - 1957 (මුල්ම කෙටිකතාව)
  • වැහි වළාකුළු
  • තවලම්කාරයෝ
  • සුවඳ පිරුණු අනාගතයක්
  • නොමළ මල්
  • පහන නිවුවා කටින් පිඹලා
  • මල් මෙන් කඩුපුල්
  • උපන්දා සිට කරපු පව් නැත
 කාව්‍ය
  • පෙම් අමා - 1946(කවි කතාවක්)
  • මාර යුද්ධය
  • රුබයියාට් - 1954 (පරිවර්තන කෘතියකි)
  • හීන හතක් මැද
ගීත රචනා
  • 1964 “ගැටවරයෝ“ චිත්‍රපටයේ ගීත රචනය (සරසවි සම්මානය)
  • “ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්“
  • “තණ්හා ආශා ඔලොගු කරේ ලා “
  • “සඳ පායා සිනාසෙව්“
  • “බඹරෙකු ආවයි“
  • “නීල නුවන් මහනෙල් මල්“
  • “හීන සතක් මැද“
  • “මින්දද හී සර“
  • “සැදෑ කලුවර“
පරිවර්තන
  • 1956 - රොබින්සන් කෘසෝ පරිවර්තනය කිරීම
  • 1954 - රුබයියාට් පරිවර්තනය කිරීම